FAST NEWS

24×7 Around the Globe

පොලිස් විශේෂ කාර්ය බලකායේ 349 කට උසස්විම්..

පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරුන් 343 දෙනෙකුට සහ පොලිස් කොස්තාපල්වරියන් 06 දෙනෙකුට උසස්වීම් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කළේය.

ඒ අනුව පෙබරවාරි මස 06 වන දින සිට බලපැවැත්වෙන පරිදි එම නිළධාරීන් 349 පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව ජ්‍යෙෂ්ඨත්වය සහ කුසලතාවය මත පදනම්ව මෙම උසස්වීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන්.

ADS