FAST NEWS

24×7 Around the Globe

කොළඹ සරවියේ සිසු ගැටුමක් – සිසුන්ට සරසවිය තහනම්..!

සිසු ගැටුමක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යායේ ශාස්ත්‍ර පීඨයේ 02,03 සහ 04 යන වසර වල සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා සඳහන් කළේය.

එ අනුව එම වසර වල අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බව හෙතෙම පැවසීය.

විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නිලවරණය සම්බන්ධව ඊයේ (8) රාත්‍රී කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව පැවසෙන අතර, ඉන් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලටද ඇතුළත් කර තිබේ.

මෙම ගැටුමත් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ නේවාසිකාගාර වල සිටි සිසුන්ද ඉන් ඉවත් කිරීමට  පියවර ගෙන ඇති බව උපකුලපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය  පරිදි සිදුවන අතර අනෙක් පීඨ වල අධ්‍යයන කටයුතුද බාධාවකින් තොරව සිදුකරන බව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

ADS