FAST NEWS

24×7 Around the Globe

අර්ජුන් මහේන්ද්‍රන්ව බැඳුම්කර ජනපති කොමීසමට කැඳවේ..

ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ලබන සිකුරාදා (10) උදේ 10.00ට එ සඳහා පත් කෙරුණු ජනාධිපති කොමීසම හමුවට පැමිණ පැමිණ සාක්ෂි ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ඊයේ (08) එම කොමීසම නොතිසි නිකුත් කළේය.

එ අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත එම නොතිසිය යැවීමට ඊයේ (08) සවසම එම කොමීසම පියවර ගත්තේය.

2015 පෙබරවාරි මස 27 වැනි දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සඳහා වූ වෙන්දේසියකදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයුතු වාසියක් ලැබෙන පරිදි එවකට හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කටයුතු කරන ලදැයි චෝදනා එල්ල වී තිබේ.

ADS