FAST NEWS

24×7 Around the Globe

මාර්තු 12 වැනිදා සිට බස් වලට වෙනම මංතීරුවක්..

කොළඹ නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් බස් රථ ධාවනය සඳහා වෙනම මංතීරුවක් හඳුන්වාදීමට වන නියමු ව්‍යාපෘතිය, මාර්තු 12 වැනිදා සිට රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා මාර්ගයේ ක්‍රියාත්මක කිරීමට නියමීත බව, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (8) බත්තරමුල්ල සුහුරුපායේ පැවැති මාධ්‍ය හමුවකදී  පැවසීය.

මාර්ගයේ ඉඩකඩ කාර්යක්ෂම කරමින් සෑම අයකුගේම කාලය ඉතිරි කිරීම මෙහි අරමුණ බවත්, දැනට රාජගිරිය සිට ආයුර්වේද මංසන්ධිය දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු දුර්වලතා හඳුනාගෙන, කොළඹ නගරයේ සෙසු මාර්ග සඳහා ද එම ප්‍රමුඛතා මංතීරු හඳුන්වාදීමට නියමිත බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.