FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහි විරෝධතා නිසා කොළඹ දැඩි රථ වාහන තදබදයක්..

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් සංවිධානය කළ විරෝධතා පාගමනක් හතරක් දෙහිවල,විජේරාම,වත්තල හා කැළණිය යන නගර වලින් ආරම්භ කර කොළඹ දෙසට පැමීණෙමීන් තිබෙන බව වාර්තා වේ.

මෙම විරෝධතා පාගමන් කොළඹ කොටුවට පැමිණ ලිප්ටන් වටරවුම දක්වා ගමන් කිරීමට නියමීත හේතුවෙන් කොළඹ නරගය තුළ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය පවසයි.

මෙම හේතුවෙන් පහත  දැක්වෙන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති විය හැකි හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

විරෝධතා පා ගමන් ගමන්ගන්නා මාර්ග..

කැලණිය විශ්වවිද්‍යාලය අසල සිට බේස්ලයින් පාර ඔස්සේ මාලිගාවත්ත හරහා කොටුව දක්වා

වත්තල නගරයේ සිට ජපන් මිත්‍රත්ව පාලම‚ ඉඟුරු කඩේ හන්දියෙන් මරදාන දක්වා විත් කැලණි පාගමනට සම්බන්ධවීම

මොරටුව විශ්වවිද්‍යාලය අසල නුගේගොඩ මාර්ගය ඔස්සේ කොහුවල හරහා හැව්ලොක් හංදිය

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ හැව්ලොක් හන්දියේදී මොරටු පාගමන හා සම්බන්ධවී ලිප්ටන් වටරවුම හරහා

ADS