FAST NEWS

24×7 Around the Globe

සී.අයි.ඒ රහස් විකිලීක්ස් හෙළි කරයි..

ඇමෙරිකාවේ සී.අයි.ඒ සංවිධානයේ රහසිගත තොරතුරු රැසක් අනාවරණය කිරීමට විකිලීක්ස් වෙබ් අඩවිය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එ අනුව විද්‍යුත් උපාංගවලට පිවිස තොරතුරු ලබාගැනීම සඳහා එම සංවිධානය යොදාගත් ක්‍රමවේද රැසක් අනාවරණය කිරීමට විකිලීක්ස් වෙබ් අඩවිය කටයුතු කර ඇත.

ජංගම දුරකතන, සන්නිවේදන මෘදුකාංග සහ අනෙකුත් විද්‍යුත් උපාංගවලට අනවසරයෙන් පිවිස දත්තා එක්රැස් කිරීමේ කටයුතුවල යෙදීම සඳහා ඇමෙරිකාවේ සී.අයි.ඒ සංවිධානය භාවිත කළ ක්‍රමවේද මේ අනුව විකිලීක්ස් වෙබ් අඩවිය විසින් අනාවරණය කර තිබේ.

මෙම රහසිගත තොරතුරු අනාවරණය කිරීම මෙතෙක් ඉතිහාසයේ සී.අයි.ඒ සංවිධානයේ විශාලතම රහසිගත තොරතුරු හෙළිදරවු කිරීම යැයි ද විකිලීක්ස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ADS