රජයේ ආමත්‍යවරු සඳහා වාහන මිලදී ගැනීම සඳහා රුපියල් පනස් තුන් කෝටි හැත්තෑ නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (රුපියල් 53,79,62,790) ඉල්ලන පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සභාවට ඉදිරිපත් කර තිබේ.
අමාත්‍යවරුන් හත්දෙනකුට, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරයකුට වාහන මිලදී ගැනීම සඳහා මෙලෙස මුදල් වෙන කිරීම සඳහා ඇස්මේන්තුව ඉදිරිපත් කර ඇත.
2016 අතිරේක ප්රතිපාදනය උපයෝජනය නොකළ බැවින් මෙම අමාත්‍යවරුන්ට වාහන ලබා ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා බදු ද ඇතුළත්ව මෙම මූල්‍ය ප්රතිපාදනය වෙන්කර ඇති බවද පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වේ.
ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක් මිලදි ගැනීම සඳහා රුපියල් 4,26,00,000 ක මුදලක්ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා 4,20,00,000 ක මුදලක්ද ඉල්ලා තිබේ.
වාරිමාර්ග හා ජල සම්පාදන කළමනාකරණ අමාත්‍යවරයාට සහ රාජ්‍ය ඇමැතිවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් 8,60,00,000 ක මුදලක්ද විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිවරයා වෙනුවෙන් වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 4,10,00,000 ක මුදලක්ද ඇස්තමේන්තුවේ සඳහන්.
සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයාට රුපියල් 4,30,00,000 මුදලක්ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 4,30,00,000 ක මුදලක්ද තිරසර සංවර්ධන හා වනජීවී ඇමැතිවරයාට රුපියල් 4,30,00,000 ක මුදලක්ද ඉල්ලා ආදාළ පරිපූරකයෙන් ඉල්ලා ඇත.
ADS