FAST NEWS

24×7 Around the Globe

සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රී සිට දුම්රිය වර්ජනයේ..

පෙර සැලසුම් කළ පරිදි අද (07) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික රුවන් පතිරණ මහතා සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය.

එසේම මෙ සම්බන්ධයෙන් අද(7) පෙරවරුවේ දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදි ලිඛිත එකඟතාවයක් නොලැබුණහොත් වර්ජනය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බවද  එ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.