FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහිව විරෝධතා පාගමන් 04 ක්..

මාලඹේ සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය  අහෝසි කරන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතාවලට ආණ්ඩුව ප්‍රතිචාර නොදක්වන බැවින් මේ මස 08 වැනි දින විරෝධතා පාගමන් හතරක් සිදුකිරීමට කටයුතු කරන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවසීය.

දේශපාලනඥයන්, වෘත්තීය සමිති, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, වෛද්‍ය පීඨ ක්‍රියාකාරී කමිටුව හා දෙමාපියන් එක්ව මෙම පාගමන් හතර පවත්වන බවද  අවසානයේ පාගමන් හතර එකම ස්ථානයකදී එකතු වී දැවැන්ත විරෝධතා රැළියක් පවත්වන බවද හෙතෙම පවසා සිටියේය.