FAST NEWS

24×7 Around the Globe

දෙමුහුන් අධිකරණයක් හදන්න බෑ – අගමැති

මෙරට යුද අපරාධ සිදුවී ඇත්දැයි සෙවීමට දෙමුහුන් අධිකරණයක් හැදීම සිදුකළ නොහැකි දෙයක් යැයි ජාතික නීති සතිය සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් පසුගිය සිකුරාදා (03) රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ඇත්නම් දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවයක් පැන නොනගින බවද වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න විසඳීම සඳහා දෙමුහුන් අධිකරණයක් ඇතිකරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යෝජනා කෙරුණේ මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි තිබූ ජාත්‍යන්තර විශ්වාසය පළුදු වූ නිසා බවද අගමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වනවිට අධිකරණ ක්ෂේත්‍රය තුළ පවතින තත්ත්වය සුභවාදී අතට හැරී ඇති බැවින් දෙමුහුන් අධිකරණ වෙනුවට වෙනත් විකල්පයක් පිළිබඳව තීරණය කළ යුතු බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.