FAST NEWS

24×7 Around the Globe

තාවකාලික වීසා හිමීයන්ට ඔස්ට්‍රේලියාවේ ක්ෂණික ආහාර සමාගම් රැකියා දොර වැසේ..

මැක්ඩොනල්ඩ්ස් (McDonalds) සහ කේඑෆසී (KFC) යනාදී ක්ෂණික ආහාර සමාගම් සඳහා ඔස්ට්‍රේලියානු තාවකාලික වීසා යටතේ විදේශීය සේවකයනට රැකියාඅවස්ථාව සැලසීම (457 වීසා ඛාණ්ඩය යටතේ) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අත් හිටුවා තිබේ.

“ඔස්ට්‍රේලියානු සේවකයන්ට, විශේෂයෙන්ම තරුණ ඔස්ට්‍රේලියානුවන්ට මෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි.” ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් මේ තහනමට හේතු දක්වමින් පැවසී ය.

2012 වසරේදී ජූලියා ගිලාඩ් අගමැතිව සිටි සමයේ ඔස්ට්‍රේලියාවේ ක්ෂණික ආහාර කර්මාන්තයට විදේශීය සේවකයින්ව අනුග්‍රාහකත්වය සපයා සේවයට ගැනීමට ඉඩ සලසා දුන් නමුත් ඒ සියල්ල දැන් නිමා කළ බව ඔස්ට්‍රේලියාවේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් පවසයි.

ඔස්ට්‍රේලියාවේ රැකියා අනාගතයෙහි වෙනස්කම් පිළිබඳ බලපෑම පීටර් ඩටන් විසින් අතිශෝක්තියකින් යුතුව ප්‍රකාශ කරන බව කම්කරු පක්ෂයේ රැකියා පිළිබඳ නියෝජිත බ්‍රෙන්ඩන්ඔ‘කොනර් කියයි.

“අවම විරැකියා තත්ත්වයක් ඇති සමයේ ක්ෂණික ආහාර ක්ෂේත්‍රයේ කළමනාකරණ අවස්ථා හා නිපුනතා අවස්ථා සඳහා 457 වීසා සීමා සහිත ප්‍රමාණයක් තිබෙන්නට ඇති. ඔහු ඒ සඳහා නැඹුරු වෙනවා නම් ගැටළුවක් නැහැ.” කොනර් වැඩි දුරටත් පැවසීය. පීටර් ඩටන් නියම තත්ත්වය වරදවා විස්තර නොකළ යුතු බවද ඔහු පැවසීය. මෙම කාණ්ඩයේ රැකියා සඳහා විදේශීය සේවකයින් 500 දෙනෙකු පමණ ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙන බව සඳහන් ය. අඩක් පුහුණුවූ සේවකයින් මෙවැනි ගිවිසුම් මගින් ආවරණය නොවන බව ද පීටර් ඩටන් අමාත්‍යවරයා කැන්බරා නුවර පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අඩක් පුහුණුවූ ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේලියාවේ තාවකාලික රැකියා වීසා ලබා ගැනීමට තිබෙන එකම මාර්ගය මෙම ක්ෂණික ආහාර ක්ෂේත්‍රය බවද පැවසේ. මීට අමතරව ඇතැම් අවන්හල්, ධීවර, මස්, කිරි, සහ හිම ක්‍රීඩා සහ ආගමික ක්ෂේත්‍රවල තවමත් කම්කරු පක්ෂයේ මෙම රැකියා ගිවිසුම් ක්‍රියාත්මක වන බව ද සඳහන් ය. ඒවා අහෝසි වීමෙන් ඇතිවන තත්ත්වය සහ ඉන් අහිමි කෙරෙන රැකියාවල සංඛ්‍යාව තවමත් රහසක් ව පවතියි.

457 වීසා ඛාණ්ඩය යටතේ සේවය කරන පුද්ගලයන් ගේ ගිවිසුම් කාලය නිමවූ පසු ඔවුන්ට ඔස්ට්‍රේලියාව හැර යන ලෙසට බල කරන අතර යම් පුද්ගලයකු නොකඩවා අදාළ සමාගමේ රඳවාගතහොත් අදාළ සමගම විසින් එයට සාධාරණ හේතු දැක්විය යුතු බවද ඔස්ට්‍රේලියා රජය පවසා තිබේ.