FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් උතුරු පළාත් සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙලක්…

උතුරු පළාත් සංවර්ධනය සඳහා නව සැලැස්මක් ඔස්සේ නව වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ජනපතිට කියන්න “ වැඩසටහනේ ප්‍රථම ප්‍රාදේශීය කාර්යාලය උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ස්ථාපිත කිරීම වෙනුවෙන් පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සෑම මසකට හෝ මාස දෙකකට වරක් උතුරු පළාතට පැමිණ තම අමාත්‍යංශය යටතේ පවතින සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බලන ලෙස සෑම අමාත්‍යවරයෙකුටම උපදෙස් ලබාදෙන බවයි.