FAST NEWS

24×7 Around the Globe

මහරගම රෙදිපිළි අලෙවි සැලේ ගින්න පාලනය කෙරේ…

අද(04) පස්වරු 03.00ට පමණ මහරගම නගරයේ රෙදිපිළි අලෙවි සැලක හටගත් හදිසි ගින්න මේ වන විට පාලනය කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය පවසයි.

ඒ අනුව කෝට්ටේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජල බවුසර් යොදවා ගින්න මැඩපැවැත්වීමට පියවර ගෙන තිබේ.

ගින්න මැඩපවත්වන විටත් අදාළ රෙදිපිළි වෙළෙඳසැලේ විශාල කොටසකට ගින්නෙන් හානි සිදුව ඇති බව මහරගම පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මහරගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.