ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13දා) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
ඉදිරි මැතිවරණයේදී තමන්ගේ ස්‌ථාවරය කුමක්‌දැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ප්‍රකාශ කරනු ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මැතිවරණය සම්බන්ධයෙන් හා නාම යෝජනා ලබාදීම පිළිබඳ පවතින ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.







