FAST NEWS

24×7 Around the Globe

ඊ නිව්ස් කර්තෘට එරෙහි පෙත්සම සලකා බැලීම මැයි 16ට කල්යයි…

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සදරුවන් සේනාධීර මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණුකර ඇති පෙත්සම සලකා බැලීම මැයි මස 16 වන දින දක්වා කල්දමා තිබේ.

පෙත්සම අද(03) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥයින් අධිකරණයට ප්‍රකාශ කළේ සදරුවන් සේනාධීර මහතාගේ නියම ලිපිනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇති බැවින් ඔහුට එරෙහිව නොතීසි නිකුත් කළ යුතු බවයි.

එය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුට නොතීසි නිකුත් කරන ලෙස නියම කර තිබේ.

නිතිඥ මදුර විතානගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.