FAST NEWS

24×7 Around the Globe

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කල දෙදෙනෙක් අත්අඩංගුවට..

පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගලේවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලේවෙල, ඇතාකාපුයාය ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

එහිදී කැණීම් කටයුතු සඳහා යොදා ගත් උපකරණ සහ පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරොව්පතාන සහ ගලේවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.