FAST NEWS

24×7 Around the Globe

‘විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වන්න කිසිම සූදානමක් නෑ’

කිසිවිටෙකත් විදෙස් විනිසුරුවරුන් මෙරටට ගෙන්වීමට සූදානමක් නොමැති බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාට දැනුම් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට විදේශීය විනිශ්චකාරවරුන් ගෙන්වීමේ අදහස ක්‍රියාත්මක කළ යුතු බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මීට සති දෙකකට පෙර ප්‍රකාශ කළ බවයි.

පැය 24ක් යාමට පෙර ඊට ප්‍රතිචාර දක්වමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පදනම් ආයතනයේදී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාව හමුවේ ප්‍රකාශ කරන ලදි.