FAST NEWS

24×7 Around the Globe

මාගම්පුර වරායේ වන අලින් ඉවත් කිරීමට ටෙන්ඩර් කැදවයි…

හම්බන්තොට මාගම්පුර වරාය පරිශ්‍රයට අයත් භූමියේ සිටින වන අලින් ඉවත් කිරීමේ කටයුතු සදහා ටෙන්ඩර් පත් කැදවා තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.එච්.කරුණාරත්න සදහන් කළේ එය ඉතා සුපරීක්ෂාකාරි අන්දමින් සහ තාක්ෂණික උපාය යොදාගෙන සිදුකළ යුතු බවයි.

මෙම වනඅලින් නිරන්තරයෙන් මාගම්පුර වරාය පරිශ්‍රයේ ගැවසෙන බැවින් එහි ගමනාගමන කටයුතුවලට මෙන්ම, දෛනික සේවා කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.