FAST NEWS

24×7 Around the Globe

SAITM විරුද්ධවාදීන්ගෙන් අද විරෝධතා පා ගමනක් හා රැළියක්…

බස්නාහිර පළාත තුළ වෛද්‍යවරුන් අද (03) සංඛේත වැඩ වර්ජනයක නිරත වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ අද පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා වර්ජනය ක්‍රියාත්මක බවයි.

වර්ජනයට බලධාරීන්ගේ මැදිහත්වීමක් සිදු නොවුනහොත් හෙට උදෑසන 08.00 දක්වා වර්ජනයේ නිරත වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අද(03) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ සිට විරෝධතා පා ගමනක් ද සංවිධානය කර  තිබේ.

එමෙන්ම විහාරමහදේවි උද්‍යානයේදී විරෝධතා රැළියක් ද පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.