FAST NEWS

24×7 Around the Globe

සතොසෙන් උපරිම සිල්ලර මිලටත් වඩා අඩුවෙන් සහල් – ඇමති රිෂාඩ්..

සහල් සඳහා ගැසට් පත්‍රය මගින් නියමකළ උපරිම සිල්ලර මිලටත් වඩා රුපියල් තුනක් අඩුවෙන් ලක් සතොස මඟින් සහල් අලෙවි කරන බව කර්මාන්ත  හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්  මහතා මාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව උපරිම සිල්ලර මිල රුපියල් 78 ක් ලෙස නියම කර ඇති දේශීය සුදු රතු කැකුළු හා සුදු කැකුළු සහල් කිලෝවක් රු. 75 ට මිලදී ගත හැකි බවද දේශීය හා ආනයනික සහල් තොග අවශ්‍ය තරම් සතොස ගබඩාවල ඇතිබැවින් පාරිභෝගිකයින්ගේ පහසුව තකා මෙම පියවර ගත් බව ඇමතිවරයා සඳහන් කළේය.

ඇතැම් සිල්ලර වෙළෙඳුන් දේශීය හා ආනයනික සහල් උපරිම සිල්ලර මිලට විකිණිය නොහැකි යැයි මැසිවිලි නගන බැවින් ඔවුන් සඳහා අවශ්‍ය සහල් තොග සතොස මඟින් සැපයිය හැකි බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.