FAST NEWS

24×7 Around the Globe

පේරාදෙණිය සිසුන් 15 දෙනා යළි රිමාන්ඩ් කෙරේ…

නවක වදය ලබාදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 15 දෙනා ලබන මාර්තු 16 වන දින දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කිරීමටමහනුවර මහේස්ත්‍රාත් අධිකරණය අද(02)  නියෝග කළේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා  පීඨයේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බවට එම විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් 15 දෙනෙකු පසුගිය මස 20 වැනිදා පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.