FAST NEWS

24×7 Around the Globe

තාජුදීන් ඝාතන නඩුව – අනුර සේනානායක යළි රිමාන්ඩ්..

වසීම් තාජුදීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තවදුරටත් මාර්තු මස 16 වනදා දක්ව යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ වසීම් තාජුදීන් නමින් නිකුත් කර තිබූ කෙඩිට් කාඩ් පත් ඔස්සේ සිද්ධිය පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.