FAST NEWS

24×7 Around the Globe

ජී.එස්.පී ප්ලස් සඳහා ස්පාඤ්ඤයෙන් සහාය..

ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ස්පාඤ්ඤය අවධාරණය කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍ය අල්ෆොන්සෝ දාස්ටීස් කුසෙඩෝ අතර ඊයේ(01) දිනයේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ වී ඇති බවද සඳහන්.