FAST NEWS

24×7 Around the Globe

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගිනි අවි මතුවෙයි..

ගල්කිස්සේ මහේස්ත්‍රාත් අධිකරණ භූමීය  තුළ තිබි අද (01) පෙරවරුවේ මීලිමීටර් 3.8 වර්ගයේ ගිණිඅවියක් සහ පිස්තෝලයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

ගල්කිස්ස පොලීසිය විසින් සිදුකළ අධිකරණ භූමියේ සිදුකළ සෝදිසියකදී මෙලෙස චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් හා එයට යොදන ජීව උණ්ඩ 4ක්ද,  රිවෝල්වරය්‍ක් හා එම උණ්ඩ 6ක්ද හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

මෙම අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ පැවති බව නිරීක්ෂණය වී ඇති බවත්, එබැවින් මෙම අවි කිසියම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා රැගෙන ආ බවට පොලීසිය සැක පළකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

කෙසේ වෙතත් මේ වන විට අධිකරණ කටයුතු අත්හිටුවා අධිකරණ භූමිය තුළ සිටින සියලුම පුද්ගලයින් රඳවාගෙන පරීක්ෂා කරන බවත්, පොලිස් නිල සුනඛයින්ද ඒ සඳහා යොදාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.