FAST NEWS

24×7 Around the Globe

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාම යයි..

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා වයස අවුරුදු 55 සම්පූර්ණ වීම හේතුවෙන් අද (01) යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමීත වේ.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් කටයුතු කළ චන්න ගුණතිලක මහතා විශ්‍රාම ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශ්‍රාම ගැන්වීමට අදාළ ලිපිගොනුව පසුගිය සතියේ ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් විශ්‍රාම ගැන්වීමට නිර්දේශ කර අදාළ ලිපිය යළිත් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පෙරේදා (27) යොමු කර ඇත.

මේ අනුව මේජර් ජෙනරාල් චන්න ගුණතිලක මහතා වෙනුවෙන් ඔහුගේ මව් රෙජිමේන්තුව වන ඉංජිනේරු බළකාය මගින් පනාගොඩ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඊයේ (28) උත්තමාචාර පෙළපාළියක් පවත්වා ඇත.

චන්න ගුණතිලක මහතා විශ්‍රාම ගැනීම වෙනුවෙන් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාත්‍රී සාදය අද (01) මෝදර රොක් හවුස් කඳවුරේදී පැවැත්වේ.
.