FAST NEWS

24×7 Around the Globe

සයිටම් වෙඩි තැබීම නිර්මාණය කරන ලද්දක් බව පොලීසිය කියයි..!

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ප්‍රධාන විධායක නිළධාරී සමීර සේනාරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය නිර්මාණය  කල බව පැවසෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්  සහ පළාත් පාලන ආයතනයක රියදුරෙකු ප්‍රදේශයෙන් පළා ගොස් ඇතැයි පොලිසීය පවසයි.

සිද්ධියට අදාළ බව පැවසෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සමීර සේනාරත්න මහතා සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලීසිය කියයි.

සිද්ධියට අදාළව ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු  සැකපිට අත්අඩංගුවට ගත් බව ඔහු මාර්තු තුන් වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) දිනයේ නියෝග කර තිබේ.

ඔහු සන්තකයේ තිබී මිලිමීටර් නවය  බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා උණ්ඩ දෙකක් ද, 3.8 වර්ගයේ රිවෝල්වරයක් සහ උණ්ඩ තුනක් ද  හමුවු බවද පොලිසිය පවසයි.

එසේම මෙම වෙඩි තැබීමේ සිද්ධියට උපයෝගී කර ගත් බව පැවසෙන යතුරු පැදියද කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන ඇති බව පොලීසිය කියයි.

තවද මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙනහිටපු  යුද හමුදා විශේෂ බළකායේ සෙබෙළෙකුගෙන් ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඔහු මේ වන විට වෙනත් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසු වන බව පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධව වෛද්‍ය සමීර සේනාරත්න මහතාගෙන් පෙබරවාරි මස 27 දින විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවද වාර්තාවේ.