FAST NEWS

24×7 Around the Globe

කළුතර වෙඩි තැබීම – සුදු පැහැති වෑන් රථයක් සොයා ගැනේ..

කළුතරදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා සැකකරුවන් පළා ගිය බවට සැක කෙරෙන ඩොල්ෆින් වර්ගයේ සුදු පැහැති වෑන් රථයක් හොරණ, මොරගහහේන නගරයේ තිබියදී අද (28) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි.

කෙසේ වෙතත් මෙම වෑන් රථය ඝාතන සිද්ධියෙන් පසු සැකකරුවන් පළා ගිය වෑන් රථයම ද යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය පැවසී ය.

කළුතර බන්ධනාගාරයට ආසන්නයේදී පාතාල කල්ලි සාමාජිකයෙකු වන අරුණ දමිත් උදයංග හෙවත් සමයං ඇතුළු රැදවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනයට ලක්වු ප්‍රහාරය  සඳහා සැකකරුවන් පැමිණි කැබ් රථය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.