FAST NEWS

24×7 Around the Globe

විදේශ ඇමැති මංගල ජීනිවා අමතයි..

විදේශ ඇමැති මංගල සමරවීර මහතා අද (28 දා) ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මාස 18 සිට 24 දක්‌වා කාලසීමාව ලබාදෙන ලෙස හෙතෙම මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලා සිටීමට නියමිතය.

ඇමැතිවරයාගේ මෙම ඉල්ලීමට රාජ්‍ය නොවන සංවිධාන හා ඊළාම් ඩයස්‌පෝරා සංවිධාන 13 ක්‌ එරෙහි වී ඊට ඉඩ නොදෙන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා තිබේ.

එක්‌සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුවාරෙස්‌ මහතා මුල්වරට සහභාගි වන 34 වැනි මානව හිමිකම් සමුළුවේදී ට්‍රම්ප් රජය ශ්‍රී ලංකාව පිළිබඳව දක්‌වන ආකල්පය මෙතෙක්‌ ප්‍රකාශයට පත්කර නැත.