FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව අංක එකේ න්‍යෂ්ටික බලවතා විය යුතුයි – ට්‍රම්ප්

න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් තමා ප්‍රාර්ථනා කළ ද එය යථාර්ථයක් නොවන කල ඇමරිකාව අංක එකේ න්‍යෂ්ටික බලවතා විය යුතු බව තම අදහස යැයි රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමීන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

ඇමරිකාවේ න්‍යෂ්ටික බලය මේ වනවිට පිරිහී ඇති බවත් න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් රුසියාව සමග මෑතකදී ඇති කර ගත් ගිවිසුම ඇමරිකාවට අවාසිදායක බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්  මෙහිදි සඳහන් කර ඇත.

ඇමරිකානු ඇස්තමේන්තුවලට අනුව ඇමරිකාව සතුව න්‍යෂ්ටික අවි 6800 ක් පවතින අතර, රුසියාව සතු න්‍යෂ්ටික අවි සංඛ්‍යාව 7000 ට අධික වන බව පැවසේ.