(12.00 p.m)
විශ්රාම වැටුප් ගැටළුව මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් සංවිධානය කර ඇති විරෝධතා පාගමනක් හේතුවෙන් ලෝටස් වටරවුම තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ.
කොළඹ කොටුවේ සිට ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා යාමට සැලසුම් කර තිබූ අතර විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා යාම වලක්වාලමින් පොලීසිය ලෝටස් වටරවුම වසා දමා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙයි.
මේ වන විට ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වී සිටින බවද පැවසේ.
++++++++++++++++++++++++++++++++++++++++++ (update)
(11.30 a.m)
විරෝධතාවයක් නිසා ලෝටස් වට රවුම අවට රථවාහන තදබදයක්…
විරෝධතා පාගමනක් හේතුවෙන් ලෝටස් වට රවුමේ සිට ගාලුමුවදොර දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති බව පොලිසීය පවසයි.
එසේම මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.








