FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී විමල් පාර්ලිමේන්තු කාරක සභාවට යෑමට අවසර…

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා දැනට බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රී විමල් වීරවංශට සහභාගීවීමට අවස්ථාව ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් රිමාන්ඩ් නියෝගයට එරෙහිව වීරවංශ මහතා කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය කෙරුණී.

ප්‍රතිශෝධන අයදුම්පත ලබන මාර්තු 07 වැනි දා නැවත කැඳවීමට නියමිත ය.