FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 48ක තුළ සුළං තත්වයේ වෙනසක්..

ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, හම්බන්තොට සහ මාතර සිට කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඉදිරි පැය 48ක කාලය තුළ මෙම සුළං තත්ත්වයේ වෙනස්වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව ද එහි දැක්වෙයි.