FAST NEWS

24×7 Around the Globe

නීති විරෝධීව ගවයින් ඝාතනය කළ පුද්ගලයින් 4ක් අත්අඩංගුවට…

කදුරුවෙල, ගල්ලෑල්ල ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ගවයින් ඝාතනය කළ පුද්ගලයින් සිව් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

එහිදී ඝාතනය කරන ලද ගව සිරුරු දෙකක්, යතුරුපැදි 02ක් සහ ගවයින් ඝාතනය කිරීම සඳහා යොදා ගන්නා උපකරණ කිහිපයක් පොලිස් විශේෂ කාර්යය බලකා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කඳුරුවෙල පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.