FAST NEWS

24×7 Around the Globe

ඉදිරි මැතිවරණයට ඒකාබද්ධ විපක්ෂය නව සන්ධානයකින්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‍පොදුජන සන්ධානය නමින්නව සන්ධානයක් බිහිකර එයින් තරග වැදීම කෙරෙහි ඒකාබද්ධ විපක්ෂයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව ‍පොදුජන සන්ධානය නම් සන්ධානය බිහි කිරීම පිළිබඳව මේ දිනවල ඒකාබද්ධ විපක්ෂයේ ඉහළ පෙළේ නායකයන් අතර  සාකච්ඡා ආරම්භ වී  ඇත.

නව දේශපාලන  පක්ෂයක් බිහිකර සන්ධානයක් ලෙස  ලියාපදිංචි කිරීම වෙනුවට මේ වන විටත් ලියාපදිංචි පක්ෂයක් වන ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණත්, ‍පොහොට්ටු ලකුණත් යොදා ගැනීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන්  වැඩි ප්‍රමාණයක් කැමැත්ත දක්වා ඇතැයි පැවසේ.

නව සන්ධානයේ නායකත්වය භාර ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා මතෛක් කිසිදු ප්‍රකාශයක් කර නැතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.