FAST NEWS

24×7 Around the Globe

දේශීය වෛද්‍ය ක්‍රම ගැන ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් මෙරටදී…

බටහිර වෛද්‍ය විද්‍යාව සහ දේශීය වෛද්‍ය විද්‍යාව අවශ්‍ය පරිදි යොදා ගනිමින් රෝග සඳහා ප්‍රතිකාර ක්‍රම හඳුනා ගැනීම කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ ජුලි මාසයේදී දේශීය වෛද්‍ය ක්‍රම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රර්ශනයක් මෙරටදී සංවිධානය කරන බවයි.

ඒ පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩසටහනකදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.