FAST NEWS

24×7 Around the Globe

ඉන්දුනීසියාවෙන් නිල සංචාරයක් සඳහා ජනපතිට ඇරයුම්…

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වියළි කාලගුණ තත්වය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින මෙරට ජනතාව වෙත සහල් මෙටි‍්‍රක් ටොන් 5000 ක් ආධාර වශයෙන් ලබාදීමට ඉන්දුනීසියානු රජය එකගතාවය පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්. ෆෂීර් අතර ඊයේ(23) සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණ අතර
එහිදී ජනාධිපතිවරයා සඳහන්  කළේ ඉන්දුනීසියානු රජයෙන් මෙරටට ලබාදෙන ආධාර සම්බන්ධයෙන් තමා කෘතවේදීත්වය පළ කරන බවයි.

ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී ජනාධිපතිවරයා වෙත දැනුම් දුන්නේ ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩා එරට නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ආරාධනාවක් ද කළ බවයි.

නිල සංචාරය සඳහා කළ ආරාධනය පිළිබදව සිය ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා එම සංචාරයේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ද්වීපාර්ශවික සබදතා පැවැත්වීමට බලාපොරොත්තු වන බව දැනුම්දී තිබේ.