FAST NEWS

24×7 Around the Globe

මහා ශිව රාත්‍රී දිනය අද සැමරේ…

ලොව පුරා හින්දු බැතිමතුන් අද (24) මහා ශිව රාත‍්‍රී දිනය සැමරීම සිදු කරනු ලැබේ.

තම ආධ්‍යාත්මික ශික්ෂණය පතා උපවාසයෙන් හා නිදිවර්ජිතව රැය පහන් කිරීම ශිව දෙවියන් වෙත තම කෘතවේදීත්වය පළ කරමින් පුද පූජා පවත්වමින් හින්දු බැතිබතුන් මහා ශිව රාත‍්‍රී දිනය සමරනු ලබයි.

මහා ශිව රාත‍්‍රී දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ සියලූම ආගම්වල ප‍්‍රමුඛතම අපේක්ෂාව සහ අරමුණ වන්නේ සභ්‍යත්වයක් සහිත මිනිසුන් වශයෙන් සියල්ලන් ජීවත් විය යුතුය යන්නය.