FAST NEWS

24×7 Around the Globe

මහාචාර්ය කාලෝ ෆොන්සේකා රෝහල් ගත කරයි…

ශ්‍රී ලංකා ජාතික වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝගී තත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ සුළු රෝගී තත්ත්වයක් හේතුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ඊයේ (23) පස්වරුවේ රෝහලට ඇතුළත් කළ බවයි.

අද(24) දිනයේදී ෆොන්සේකා මහතාට රෝහලෙන් පිටත්ව යාමට හැකියාව ලැබෙනු ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.