FAST NEWS

24×7 Around the Globe

හෙට සිට වර්ෂාවේ වර්ධනයක් සිදු වෙයි…

දිවයිනේ දකුණු අර්ධයේ හෙට(24) සිට වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට සුළු වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලද සවස දෙකෙන් පසු තද වැසි ඇතිවිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනු ලැබීය.