FAST NEWS

24×7 Around the Globe

තෙවැනි විස්සයි 20 න් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 41 ක ජයක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (22)  පැවැති තෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

පළමු පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට සමත් විය.

ඊට පිළිතුරු වශයෙන් පන්දු වාර 18 ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.

කෙසේ වෙතත් තරඟ 3න් සමන්විත වූ විස්සයි විස්ස තරඟාවලියේ ජය 2-1ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.