FAST NEWS

24×7 Around the Globe

එම්.එස්ගේ පවුලේ සමාජීකයන්ට වන්දි ගෙවන්නැයි එම්.ජී.ට නියෝග..

එම්.එස්. ප‍්‍රනාන්දුගේ ගීතයක් නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ සිද්ධියට අදාළව එම්.එස්. ප‍්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් ලක්ෂ 3ක වන්දි මුදලක් ගෙවන ලෙස ගායක එම්.ජී. ධනුෂ්කට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණ අද (22) නියෝග කළේය.

මෙම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට තමන් සූදානම් බව අදාළ නඩුව කැඳවු අවස්ථාවේ එම්.ජී. ධනුෂ්ක අධිකරණය වෙත දැනුම් දී ඇත.

ඒ අනුව රුපියල් ලක්ෂ 3ක වන්දි මුදල ගෙවීමට අධිකරණය ඔහුට නියෝග කර තිබේ.

අදාළ වන්දි මුදල් ගෙවිමේ ප‍්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ නඩුව මාර්තු 31 වෙනිදා යළි කැඳවීමටද අධිකරණය මෙහිදි නියෝග කළේය.