FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාපතිට ජනපතිගෙන් සේවා දිගුවක්..

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා විසින් අද(22) දිනයේ මාස 06කට වලංගු වන ලෙස සේවා දිගුවක් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

වයිස් අද්මිරාල් රවින්ද්‍ර (රවි) විජේගුණරත්න කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 1980 වසරේ නොවැම්බර් 01 වන දින 09 වන බඳවාගැනීමට අයත් කැඩෙට් නිලධාරියෙකු ලෙස නාවික හමුදාවට එක්ව ඇත.

නාවික හමුදාවේ විශේෂ බලකාය ලෙස සැලකෙන විශේෂ යාත්‍රා බලඝනයේ නිර්මාතෘ මෙන්ම, එහි ජ්‍යෙෂ්ඨතම නිලධාරිවරයා වන්නේද වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්නවේ.