FAST NEWS

24×7 Around the Globe

නවක වධය දුන් සරසවි සිසුන් 15ට පංති තහනම්..

කුලී නිවසක රඳවා ගනිමින් නවක වධය ලබාදුන් බව කියන සිද්ධියට අදාළ පේරාදෙණිය කෘෂිකර්ම පීඨයේ ශිෂ්‍යයන් පහළොස්‌ දෙනාගේ පන්ති තහනම් කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා මාධ්‍ය වෙත පැවසීය.

ශිෂ්‍යයන් විසින් නොකළ යුතු මට්‌ටමේ දරුණු අපරාධයක්‌ සේ සැලකිය හැකි මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් විධිමත් පරීක්‌ෂණ සිදුකෙරෙන බව කී උපකුලපතිවරයා පරීක්‌ෂණ අවසානයේ ලැබෙන නිගමනයන් හා තීරණ මත ඔවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරන්නේ ද යන්න තීරණය කරන බව ද කීවේය.

විශ්වවිද්‍යාල මට්‌ටමෙන් සහ අධිකරණය මඟින් පැවැත්වෙන පුළුල් පරීක්‌ෂණ මේ වන විට ඉතා ක්‍රමවත්ව සිදුකෙරෙන බව ද එය සමස්‌ත ශිෂ්‍ය ප්‍රජාවගේම ආරක්‌ෂාව පිණිස වැදගත් වන බව ද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.