FAST NEWS

24×7 Around the Globe

රුපියල් දශ ලක්ෂ 66,000 ක බැදුම්කර නිකුතුවක් – පර්පෙචුවල් වෙත තහංචි නෑ..

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවකට චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීසී ලිමිටඩ් සමාගම අනිද්දා (23) දිනයේ දී  පැවැත්වීමට නියමීත රුපියල් දශ ලක්ෂ 66,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවෙන් බැඳුම්කර මිල දී ගත හැකි ආයතන ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙම බැඳුම්කර නිකුතුව කැඳවා ඇති අතර මෙහිදී 2019 වසරේ දී කල්පිරෙන පරිදි රුපියල් මිලියන 9,000 ක සහ 2021, 2024 හා 2026 වසරවල දී කල්පිරෙන අයුරින් රුපියල් මිලියන 19,000 බැගින් වන පරිදි බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

2017 පෙබරවාරි 23 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 11.00 ට මේ සඳහා ටෙන්ඩර් භාර ගැනීම අවසන් වන අතර ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ඊට ලංසු කැඳවා තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් මේ සඳහා ලංසු ඉදිරිපත් කළ යුතු වේ.

මෙහිදී බැඳුම්කර මිල දී ගත හැකි ප්‍රාථමික අලෙවිකරුවන් සහ වාණිජ බැංකු මහ බැංකුව විසින් මහජනතාවට දැනුම් දී සිටින අතර පහත දැක්වෙන්නේ අදාළ ආයතනවල ලේඛනයයි.

කෙසේ වෙතත් පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ පර්පෙචුවල ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු සීමා කිරීමට ක්‍රියා කළ ඇති බවයි.

මේ අතර මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත්කර ඇති ජනාධිපති කොමිසමේ සාක්ෂි දීම සඳහා ) මහ බැංකු අධිපතිවරයා අද (21) කොමිසම හමුවට කැඳවන ලදී.