FAST NEWS

24×7 Around the Globe

අමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ දුත පිරිසක් දිවයිනට..

අමෙරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රික හවුලේ  16 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් අමෙරිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ (20) රාත්‍රියේ කණ්ඩායමක් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

තෙදින නිල සංචාරයක් සඳහා ඔවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇති බවද සඳහන්.

2016 වර්ෂයේ සැප්තැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර අත්සන් කරන ලද සහයෝගීතා ගිවිසුමට අනුව මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර ද්වීපාර්ශවික සහයෝගය වර්ධනය කරගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත.

මෙම අමෙරිකානු නියෝජිත පිරිස ජනාධිපති, අගමැති, විදේශ ඇමති, කතානායක ඇතුළු රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කර ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේ ය.

ඊට අමතරව ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ සාමාජිකයින් හමුවීමට ද සැලසුම් කර තිබේ.