ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදුකළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ සහ ආණ්ඩුවට එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් යෝජනා ඉදිරිපත් වී ඇතත් දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊට බාධාවක් වී ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ අටවැනි පරිච්ඡේදයේ 43 (1) සහ 43(2) වගන්තිවලට අනුව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරෙන් ඇමැතිවරුන් පතකළ යුතු බවයි.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන ඇමැතිවරුන් පත් කිරීමේදීද (නියෝජ්‍ය ඇමැතිවරු) ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ උපදෙස් මත සිදු කළ යුතු බව දහනව වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ 44(1) වගන්තියෙහි සඳහන් වෙයි.
විවිධ චෝදනාවලට ලක්ව ඇති ඇමැතිවරුන් එම තනතුරුවලින් ඉවත් කර වෙනත් තනතුරු ලබාදිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී අවස්ථා කිහිපයකදීම ඔවුහු කරුණු පැහැදිලි කළහ.
ජනාධිපතිවරයාද ඇමැති මණ්ඩලයේ වෙනස්කම් ඇති කිරීම සඳහා අවස්ථා කිහිපයක්ම අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ඔන්න මෙන්න තිබියදී එය කල් දමා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ 43 සහ 44 වගන්තිවල සඳහන් නියමයන් නිසා බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.
ඇමැති මණ්ඩල සංශෝධනය ගැන පැවැති ඉහළපෙළේ සාකච්ඡාවකදී ඇතැම් අයගේ ඇමැති තනතුරු වෙනස් කිරීම ගැන එකඟත්වයක් ඇති නොවූ බවක්ද වාර්තා වෙයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.