FAST NEWS

24×7 Around the Globe

පිල්ලයාන් යළි රිමාන්ඩ්…

නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයියාන් මාර්තු 06 වැනි දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත්  විනිසුරු එස්.ගනේෂරාජසා මහතා නියෝග කළේය.

2005.12.25 වන මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාච්ඥාවට එක් වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගිය 2015.10.09 දින කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද පිල්ලෙයාන් දිගටම රඳවා ගෙන විමර්ශන කරන ලදි.