FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ වර්ෂාව වැඩි වෙයි…

අද(19) දිනයේදීත් වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ සබරගමුව / දකුණ / ඌව / මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ත් 100 ත් පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 5 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවද සදහන් කරන ලදි.

මඩකලපුව සිට පොතුවිල් / හම්බන්තොට සහ මාතර හරහා බලපිටිය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුලු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 80 ක් පමණ වේගයකින් සුළං ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ එබැවින් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රලු විය හැකි බවයි.