FAST NEWS

24×7 Around the Globe

උසස්‌ පෙළ විභාගය අගෝස්‌තු මස 8 වැනිදා ..

මෙම වසරේ පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (17 වැනිදා) නිකුත් කරන ලදී. ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගය අගෝස්‌තු මස 8 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්‌ව පැවැත්වෙන අතර ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වෙන්නේ ඔක්‌තෝබර් මස 20 වැනිදා සිට නොවැම්බර් මස 5 වැනිදා දක්‌වාය.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්‌තු මස 20 වැනිදා පැවැත්වේ. උසස්‌ පෙළ සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය ඔක්‌තෝබර් මස 15 වැනිදා පැවැත්වීමට සැළසුම් කර ඇත.

සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 වැනිදා සිට 21 වැනිදා දක්‌වාත් ප්‍රායෝගික පරීක්‍ෂණ 2018 වසරේ පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 9 වැනිදා දක්‌වාත් පැවැත්වේ.