FAST NEWS

24×7 Around the Globe

‘සයිටම්’ එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි..

‘සයිටම්’ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක වෛද්‍ය වෘත්තිකයකු ලෙස ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ගොනු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඊයේ (17 වැනිදා) තීරණය කළේය.

වෛද්‍ය සභාව මෙම තීරණය ගත්තේ ඊයේ (17 දා) සවස පැය තුනක පමණ සාකච්ඡාවකින් පසුවය.

වෛද්‍ය සභාවේ ඇතැම් සාමාජිකයන් විවිධ අදස්‌ පළ කළ ද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ඉදිරිපත් කිරීමට තීරණය කළ බව වෛද්‍ය සභාවේ ලේකම් විශේෂඥ වෛද්‍ය ටෙරන්ස්‌ ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය.

අවසානයේ සියලු සාමාජිකයන්ගේ එකඟතාව ලැබුණු හෙයින් ඡන්ද විමසීමක්‌ අවශ්‍ය නොවූ බවද ඒ මහතා කීවේය.

අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ඉදිරිපත් කළ යුතුය යන්න සිය පෞද්ගලික මතය බව වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෙµdන්සේකා මහතා පෙරේදා (16 වැනිදා) ප්‍රකාශ කළේය.

අභියාචනාධිකරණය ඉහත තීන්දුව ප්‍රකාශයට පත් කළේ පසුගිය ජනවාරි මස 31 වැනිදාය.